FAST NEWS

24×7 Around the Globe

ජාතික ජන බලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජනගත කරන්න සූදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදැක්වීම අදින් ආරම්භ කෙරෙන බව කටයුතු අද (14) සිට ආරම්භ කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එය අදියර කිහිපයක් යටතේ සිදු කෙරෙන අතර අද දිනයේ එළි දැක්වෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි.

සිය ඉදිරි පාලනයකදී රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරන ආකාරය සම්බන්ධයෙන්  මෙහි කරුණු ඇතුළත් වේ.

ඊට අමතරව ඉදිරියේදී සෞඛ්‍ය, පරිසර, ප‍්‍රවාහන සහ ජාතික සමගිය ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් සිය ප‍්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට නියමිත බව මත්රීවරයා සඳහන් කළේය.

මෙහි සම්පූර්ණ ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ලබන 26 වැනිදා එළිදැක්වීමට  ඔවුන් කටයුතු සැලසුම් කර තිබේ.