(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන මිල සංශෝධනය කරන කමිටුව අද (10) පස්වරු 6 ට මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතයි
සෑම මසකම 10 වනදා ඉන්ධන මිල කමිටුව රැස්වී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කරයි.
පසුගිය මාසයේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියලකින් අඩු කෙරුණු අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කෙරුණි.
තවද සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 2කින්ද අඩු විය.






