FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයගේ පෙත්සම අද තෙවන දිනටත් විභාගයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මෙරට පුරවැසියෙකු ලෙස වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද(04) තුන්වන දිනටත් සකලා බැලීම අරඹා කෙරුණි.

ඒ පෙරවරු 9.30ට අභියාචනාධිකරණය හමුවේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත  කෝදාගොඩ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක විසින් මම පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලේ.

වගඋත්තරකරුන් වෙනුවෙන් කරුණු දැක්වීම ඊයේ සිදුකෙරුනු අතර එහිදී පෙත්සම්කරුවන් ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ වෙත විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙසයි.

එසේම අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තෙක් විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු  නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවන් මෙහිදී ඉල්ලීමක් කළේය.