(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 සඳහා වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් 19 වනදා කොල්කටාහිදී පැවැත්වීමට තීරණය කර තිබේ.
මෙම වෙන්දේසිය සාම්ප්‍රදායිකව බැංගලෝරයේ පැවැත්වූ නමුත්, එය අවසන් වරට දෙසැම්බර් 18 වන දින ජයපූර් හිදී පැවැත්විණි.
මෙහිදී එක් කණ්ඩායමකට සිය ක්‍රීඩකයින් මිලදී ගැනීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 85 ක මුදලක් වෙන් කර තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් සංවිධායකයින් පවසන්නේ අතිරේක ප්‍රතිපාදන ලෙස ඔවුන්ට රුපියල් කෝටි තුනක් වැය කළ හැකි බවයි.
වාර්තාවන්ට අනුව, දිල්ලි කැපිටල්ස් සතුව විශාලතම ශේෂය (රුපියල් කෝටි 8.2) ඇති බවත් රාජස්ථාන් රෝයල්ස් රුපියල් කෝටි 7.15 ක් ඇති බවත් තහවුරු වෙයි.
තවද , කොල්කටා නයිට් රයිඩර්ස් (රුපියල් කෝටි 6.05)ද , සන්රයිසස් හයිද්‍රාබාද් (රුපියල් කෝටි 5.3)ද , කිංග්ස් XI පන්ජාබ් (රුපියල් කෝටි 3.7)ද , චෙන්නායි සුපර් කිංග්ස් (රුපියල් කෝටි 3.2)ද , මුම්බායි ඉන්දියන්ස් (රුපියල් කෝටි 3.05) සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (රුපියල් කෝටි 1.8) බවද සඳහන්.








