FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ ප්‍රථම වරට ශතකයක් වාර්තා කළ ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාව [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට ජාත්‍යන්තර පන්දුවාර විස්ස ක්‍රිකට් පිටියේ ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු ඊයේ (29) වාර්තා පොත් අතරට එක් විය.

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග සිඩ්නිහිදී පැවති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයේදී ඇය පන්දු 66 කදි හයේ පහර 6 ක් සහ හතරේ පහර 12 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 113 කි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කළ අතර එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්සේදී ලබාගත හැකිවූයේ ලකුණු 176 ක් පමණයි.

මෙම තරඟයේදී ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත්ව ඇත.