FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රභූ ආරක්ෂාවක් – අසන්ත ද මෙල් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාකිස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා සදහන් කර තිබේ. 

රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාව හා සමාන දැඩි ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ලහිරු තිරිමාන්න මේ සම්බන්ධයෙන් කියා සිටියේ ආරක්ෂාවට වඩා ක්‍රීඩාව පිළිබදව කණ්ඩායමේ අවධානය යොමු වන බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කරච්චි නුවරදී පැවැත්වෙන දෙවන එක්දින තරඟය දිනකින් කල් දමා ඇත.

ඒ අනුව 30 වනදා එම තරගය පැවැත්වීමට සැලසුම්කර ඇති අතර ,  දෙරට අතර පළමු එක්දින තරඟය ඊයේ අතහැර දැමුණේ අධික වර්ෂාව හේතුවෙන්.