FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව – පාකිස්තාන තරඟ මාලාව නැරඹිය යුතු නාලිකා මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින හා විස්සයි 20 තරග මාලාව ලොව පුරා සජීවීව ලබා ගත හැකිය.

මෙම ක්‍රිකට් තරඟ මාලාව සඳහා විචාර මණ්ඩලයට ඇලන් විල්කින්ස්, බසීඩ් ඛාන්, රමිස් රාජා, රොෂාන් අබේසිංහ සහ වසීම් අක්‍රම් ඇතුළත් වෙයි.

“ක්‍රීඩාව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට ප්‍රේක්ෂකයන්ට උපකාර කිරීම මඟින් මෙම තරඟ මාලාව වඩාත් කුතුහලය දනවන කරුණක් වනු ඇති ” බව පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අද (27) ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සහ විස්සයි විස්ස තරඟාවලිය, පහත දැක්වෙන රූපවාහිනී නාලිකා සහ පුළුල් තිර ඔස්සේ විකාශය කෙරේ.

සෝනි ටෙන් (ඉන්දියානු උප මහාද්වීපය)
චැනල් අයි (ශ්‍රී ලංකාව)
ටෙන් ක්‍රිකට්  (සිංගප්පූරුව, හොංකොං, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව සහ කැරිබියන්)
ඇස්ට්‍රෝ (මැලේසියාව)
විලෝ (ඇමරිකා එක්සත් ජනපදය)
සෝනි යුකේ (එක්සත් රාජධානිය සහ යුරෝපය)
ෆොක්ස් (ඕස්ට්‍රේලියාව)
DAZN (කැනඩාව)
සුපර් ස්පෝර්ට්ස් (දකුණු අප්‍රිකාව ඇතුළු උප සහරා අප්‍රිකාව).