FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ගැටෙන පළමු තරඟය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු එක්දින තරඟය අද කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතයි.

අද (27) ශ්‍රී ලංකා වේලාවන් පස්වරු 3.30ට ආරම්භ වන අතර පළමු එක්දින තරඟය දිවා, රාත්‍රි තරඟයක් ලෙස පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙලෙස පාකිස්තානයත් සමඟ තරඟ බිමට පිවිසෙන්නේ 2009 මාර්තු 3 වන දා මෙරට ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගෙන ලාහොර්හිදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ 03 කට සහ විස්සයි විස්ස තරඟ 03 කට එක්වෙයි.

එක්දින තරඟ කරච්චි නුවරදී සහ විස්සයි විස්ස තරඟ ලාහෝර් නුවරදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත