FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට වු දේ[VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්ථානයට ගොස් සිටින ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට උපරිම ආරක්ෂාවක්  යොදවා ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාවෙන් පිටත්ව පැය කිහිපයකට පසු පාකිස්තානයේ  පැරණි කරච්චි ගුවන්තොටුපල වෙත පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන්තොටුපලේ  සිට දැඩි ආරක්‍ෂාවක් යටතේ රැගෙන යාමට කටයුතු කර තිබේ.

මෙහිදී ඔවුන් වෙඩි නොවදින මෝටර් රථවලින් හෝටලය වෙත රැගෙන ගොස් ඇත්තේ දැඩි වර්ෂාව මධ්‍යයේ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

දෙරට අතර පළමු එක්දින තරගය අනිද්දා කරච්චි නුවරදී පැවැත්වේ.