FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පකිස්තානයට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තාන තරග සංචාරයට එක්වීමට අද (24) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. 

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගිවීමට නියමිතව තිබේ.

පාකිස්තාන රජය ප්‍රකාශ කරන ආකාරයට මෙම තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට සපයන ආරක්‍ෂාවක් ලබා දීමට සුදානම්ය.

ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 27 වැනිදා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.