FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහි පකිස්තාන සංචිතයට නව තුරුම්පු තුනක්; දෙපිලම වැඩ අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැප්තැම්බර් 27 දින කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා තරගාවලිය වෙනුවෙන් පකිස්තාන ක්‍රීඩක ඉෆ්තිකාර් අහමඩ්, මොහොමඩ් රිස්වාන්, සහ මොහොමඩ් නවාස් යළි එක්දින සංචිතයට කැඳවා තිබේ.

ඩෙංගු උණ තත්වයක් සහ ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන්නන් වන ෂහීන් ෂා අෆ්රිඩි සහ හසන් අලී හට පකිස්තාන එක්දින සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇත.

පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී එරට නව පුහුණුකරු මිස්බා උල් හක් සිය කණ්ඩායම සමගින් පුහුණු සැසි ආරම්භ කර තිබෙන අතර, ලහිරු තිරිමාන්න සහ දසුන් ශානකගේ නායකත්වයෙන් මෙම සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය, පුහුණුකරු චම්පක රාමනායක සමගින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් අරඹා තිබේ.