(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජපානයේදී අද(20) දින ආරම්භ වන ලෝක කුසලාන රග්බි තරගාවලියේ සමාරම්භක තරඟය සත්කාරක ජපාන පිළ සහ රුසියාව අතර පැවැත්වීමට නියමිතයි.
1987 දී ආරම්භ වු රග්බි ලෝක කුසලානයේ පසුගිය ලෝක ශූරතා තරගාවලි දෙකම ජයග්‍රහණය කළේ නවසීලන්තයි.
මින් පෙර ලෝක කුසලාන ජයග්‍රහණය කර ඇත්තේ කණ්ඩායම් 4ක් විසින් වන අතර එක් වරක් එංගලන්තය සහ අනෙක් ශූරතා නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර බෙදී ගොස් තිබේ.








