(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (18) නිල නොවන ටෙස්ට් තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ඒ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අසේල ගුණරත්න සංචාරක බංග්ලාදේශ ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා කැඳවීමට පියවර ගෙන ඇත.
අවසන් වරට ඔහු ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කර ඇත්තේ ඉකුත් ජනවාරි මසදී නවසීලන්තය සමඟ පැවැති එක්දින තරගයකටය.
බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව් දින සහ එක්දින තරගාවලි සඳහා වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන අතර එම කණ්ඩායම් ද්විත්වයේම නායකත්වය ප්‍රියන්ජන්ට හිමිවීම කැපී පෙනෙයි.
ඒ අනුව ලබන 23 වැනිදා ප්‍රථම සිව්දින ක්‍රිකට් තරගය කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැන්න ලබන සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝම්බර් 03 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය ලබන ඔක්තෝම්බර් 07 වැනිදා ද දෙවැන්න 09 වැනිදාද සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරගය ඔක්තෝම්බර් 12 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.








