FAST NEWS

24×7 Around the Globe

ICCයෙන් විශේෂ ආරක්ෂක විධි විධාන ඇගයීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් ශ්‍රී ලංකා පිළේ පාකිස්තාන සංචාරය සඳහා විනිසුරුවන් සහ තරඟ තීරකයන් පත් කිරීමට පෙර එහි ආරක්ෂක විධි විධාන ඇගයීමට ලක් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අයි.සී.සී. ය මගින් පාකිස්තාන රජය තරගාවලිය සඳහා යෙදීමට අපේක්ෂා කරන ආරක්ෂක සැලසුම් ඇගයීමට ලක් කරනු ඇති අතර උර්දු බසින් පළ වන පාකිස්තාන පුවත්පතක් මේ බව හෙළිදරව් කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.

රජය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සිදුකළ අනතුරු ඇගවීම හේතුවෙන් මෙන්ම ප්‍රබල ක්‍රීඩකයන් දස දෙනෙකු ආරක්ෂක හේතූන් මත සංචාරය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ මස 27 වන දා ආරම්භවීමට නියමිත පාකිස්තාන සංචාරය අවිනිශ්චිත වී තිබේ.

කෙසේ වුවද සංචාරය සඳහා කණ්ඩායම ද මේ වන විට නම් කර අවසන් වන අතර එය අවලංගු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැත.