FAST NEWS

24×7 Around the Globe

පාකිස්තාන සංචාරය ගැන ක්‍රීඩා ඇමතිගෙන් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා  ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරය ප්‍රතික්ශේප කලේ ඉන්දියාවේ බලපෑම මත යන   චෝදනාව මෙරට ක්‍රීඩා අමාත්‍ය හරේන් ප්‍රනාන්දු ප්‍රතික්ෂේප කරයි.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ

ඉන්දු කාශ්මීර අර්බුදය හේතුවෙන් මේ වන විට ඉන්දියාව සහ පාකිස්තානය අතර දැඩි මත ගැටුමක් පවතී.

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම සංචාරයට සහභාගී වීම වැළක්වීමට ඉන්දියාව මැදිහත්ව ඇති බවට පකිස්තානය තුල රාවයක් පැතිර තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ මෙලෙස සටහනක් තබා ඇත.