FAST NEWS

24×7 Around the Globe

පකිස්තාන සංචාරය පිළිබඳ හරීන්ගෙන් ට්විටර් ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරඟ සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කර තිබේ.

2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාකිස්තාන තරඟ සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින්ගෙන් යුත් සංචිතයක් මේ වන විටත් සකස් කර ඇති බවත් අනිකුත් තරඟ කරුවන්ගේ තීරණයට තමන් ගරු කරන බවත් ක්‍රීඩා ඇමතිවරයා ගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.