FAST NEWS

24×7 Around the Globe

උමාරියා සිංහවංශට විශිෂ්ට ඇගයීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ගායන ක්ෂේත්‍රයේ තමන්ගේ අනන්‍යතාවය මනා ලෙස විදහා දක්වමින් සිටින දක්ෂ ගායිකායක් වන උමාරියා සිංහවංශ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් A ශ්‍රේණියේ ගායිකාවක ලෙස සමත් වී තිබේ. 

ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ලඟා වෙමින් සිටින උමාරියා ගීත ගායනා ක්ෂේත්‍රයේ හැකියාවන් සහ කුසලතාවයන් පෙන්වමින් ගායන පෞරුෂය ප්‍රචලිත කිරීමට දැක්වූ මෙහෙවර අගයමින් එම සහතිකය හිමිවී ඇත.

ඇයගේ වැඩිමහල් සහෝදරිය උමාරා සිංහවංශ ද ජනප්‍රිය ගායිකාවන් වන අතර , චිත්‍රපට පසුබිම් ගීත ගායනයෙන්ද ඇයගේ දක්ෂතාව මනාව විදහා දක්වා තිබේ.

උමාරියා සිංහවංශ තමන්ට ලැබුණු මෙම ඇගයීම සම්බන්ධයෙන් , ගුවන්විදුලි සංස්ථාවට ඇය සිය හෘදයාංගම ස්තුතිය පුද කර තිබූ අතර වචනයෙන් කිව නොහැකි තරමේ නිහතමානී සතුටක් තමන්ට දැනෙන බවත් සිය ෆේස්බුක් ගිණුම හරහා සදහන් කර තිබුණි.

 

Image may contain: 1 person, smiling