FAST NEWS

24×7 Around the Globe

සංචාරය අවලංගු කිරීම ගැන පාකිස්තානය කණස්සල්ලෙන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් කීපදෙනෙක් ප්‍රතික්ෂේප කිරීම ගැන එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කණස්සල්ල පළ කර තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සැපයෙන ආරක්ෂාව පිළිබඳව ක්‍රීඩකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ද ඊයේ (09) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත් විය.

පාකිස්තාන මාධ්‍ය සඳහන් කළේ ඔවුන් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර කටයුත්තක් ලෙස සලකන අතර සංචාරය සඳහා සියළු කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකරන බවයි.

එක්දින තරඟ 03 ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 03 ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ මේ මස 27 වනදා සිට ඔක්තෝම්බර් 09 වනදා දක්වා පාකිස්තානයේ සංචාරයක නිරතවීමට නියමිතය.

ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් සංචාරය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පාකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින පිළේ නායකත්වය ලහිරු තිරිමාන්නට ද විස්සයි විස්ස පිළේ නායකත්වය දසුන් ශානකට ද ලබාදී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.