FAST NEWS

24×7 Around the Globe

පුහුණුකරුගේ වාර්ෂික අදායම ඉන්දියානු රුපියල් කෝටි 10ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිය කොන්ත්‍රාත්තුව දිගු කළ රවී ශාස්ත්‍රී හට 20%ක වැටුප් වැඩි වීමක් ලබා දීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.

57 හැවිරිදි හිටපු පිතිකරු රවී ශාස්ත්‍රී ඔහුගේ පෙර කොන්ත්‍රාත්තුව අනුව ඉන්දීය රුපියල් කෝටි 8ක වාර්ෂික වැටුපක් ලැබූ අතර අළුත් කරන ලද කොන්ත්‍රාත්තුවට අනුව ඔහු වසරකට ඉන්දීය රුපියල් කෝටි 10කට අධික වැටුපක් ලබනු ඇත.

රවී ශාස්ත්‍රී විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා වසර දෙකක කාලයක් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.