(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන පකිස්තාන සංචාරයට එක නොවන කිසිම ක්රීඩකයෙකුට විදේශීය තරඟමාලා සඳහා අවසර ලබා නොදීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය සුදානම් වේ.
ඒ අනුව මෙවර පාකිස්ථාන සංචාරයට එක් නොවු කිසිදු ක්රීඩකයෙකුට වෙනත් තරගමාලා සඳහා අවසර ලබාදිීමේ ලිපි නිකුත් නොකරන බවද ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කරයි.
මේ නිසා කැරිබියන් ප්රිමියර් ලීග් තරඟමාලාවට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටි ක්රීඩකයින් කිහිප දෙනෙකුට එම අවස්ථාව නොලැබීමේ තත්වයක් මතුව ඇත.
පාකිස්ථානයේ ආරක්ෂාව පිළිබඳ පවතින ගැටළු නිසා ශ්රී ලංකා ක්රිකට් නායකයින් වන දිමුත් කරුණාරත්න සහ ලසිත් මාලිංග ඇතුලු ප්රභලම ක්රීඩකයින් 10 දෙනෙකු තීරණය කළහ.
ඇන්ජලෝ මැතිවිස් , දිනේෂ් චන්දිමාල් ,සුරංග ලක්මාල් , කුසල් ජනිත් පෙරේරා ,තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල ,අකිල ධනංජය හා ධනංජයද සිල්වාද පාකිස්ථාන සංචාරයට එක් නොවීමට තීරණය කර තිබේ.
කෙසේ වෙතත් මෙම තරගාවලියට සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායමට රාජ්ය නායකයෙකුට හිමි ආරක්ෂාවක් ලබාදීමට පියවර ගන්නා බව පකිස්ථාන බලධාරීන් සඳහන් කරයි.
ශ්රී ලංකා- පාකිස්ථාන තරඟාවලිය ලබන 27 වනදා ආරම්භ වන අතර ඊට එක් දින තරග 3 ක් සහ 20 යි 20 තරග තුනක් ඇතුළත් වේ.








