FAST NEWS

24×7 Around the Globe

2020 T20 කණ්ඩායම ගැන මාලිංග දුන් නිර්දේශය[VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලාබාල ක්‍රීඩකයින්ට අවශ්‍ය වන්නේ ජේෂ්ට ක්‍රීඩකයින් දෙස බලා ඒ ඔස්සේ පුහුණුවීම් සිදු කර දක්‍ෂතා පෙන්වීම බව ශ්‍රී ලංකා විස්සයි-20 පිලේ නායක ලසිත් මාලිංග පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ විස්සයි 20 තරඟය අවසන් වීමෙන් පසු මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී නායක ලසිත් මාලිංග පැවසුවේ දැනට කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයින් අත්දැකීම් අඩු ක්‍රීඩකයින් වුවද අත්දැකීම් බහුල නවසීලන්ත ක්‍රීඩකයින් සමඟ කරට කර ක්‍රීඩා කිරීමට හැකි වුණේ නවක ක්‍රීඩකයින්ද ඔවුන්ගේ දක්‍ෂතා දැක්වූ නිසා බවයි.

ඒ නිසා 2020දී ශ්‍රී ලංකා T 20 කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් හොද තරඟයක් ලබා දෙන කණ්ඩායමක් බවට පත්වීම අනිවාර්ය බව ඊයේ තහවුරු කළේ යැයි නායක ලසිත් මාලිංග කියා සිටී.