FAST NEWS

24×7 Around the Globe

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද කොළඹදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –රටවල් 8ක් සහභාගී වන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද(05) කොළඹදී ආරම්භ විය.

A කාණ්ඩය යටතේ ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ කුවේට් යන කණ්ඩායම් ඇතුලත් වන අතර B කාණ්ඩය යටතේ බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර්, නේපාලය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළත් වේ.

හෙට(06) ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය නේපාලයට එරෙහිව කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.

අද දිනයේදී තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර ඉන්දියාව සහ කුවේටය අතර පළමු තරගය කොළඹ සී.සී.සී ක්‍රීඩාංගණයේදී ත් ඇෆ්ගනිස්තානය සහ නේපාලය අතර අනෙක් තරගය කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමතව ඇත.

වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් ධනංජය ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබයි.