FAST NEWS

24×7 Around the Globe

අංක එකේ ටෙනිස් ශූර ජොකොවික් විවෘත ටෙනිස් ශුරතාවලියෙන් ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව අංක එකේ ටෙනිස් ශූර සර්බියාවේ නොවැක් ජොකොවික් අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ස්විට්සර්ලන්තයේ ස්ටාන් වව්රින්කා සමඟ තරඟ කරමින් සිටියදී මතු වූ ආබාධ තත්වයක් හේතුවෙන් ජොකොවික් තරගයෙන් මෙසේ ඉවත් වූ බවයි වාර්තා වන්නේ.

24,000 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවති තරගයේ ඔහු මුහුණදුන් තරඟ වට දෙකම වව්රින්කා හමුවේ 6 – 4 ක් සහ 7 – 5ක් ලෙස පරාජයට පත් විය.

මීට පෙර අවස්ථාවකදී ද 32 හැවිරිදි ජොකොවික් උරහිසේ ආබාධයක් හේතුවෙන් තරඟාවලියකින් ඉවත් වී ඇත.

ජොකොවික්ගේ ඉවත් වීමත් සමග ස්ටාන් වව්රින්කා අමෙරිකානු විවෘත ටෙනිස් ශුරතාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීය.