(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශාන්ත කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් (St Kitts & Nevis Patriots) ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එකගත්වය පළකර තිබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන මෙවර තරගාවලියට ක්‍රීඩා නොකරන බව හීරෝ කැරිබියානු ප්‍රිමියර් ලීග් (CPL) සංවිධායකයෝ පවසති.
ඒ අනුව ඔහු වෙනුවට කොදෙව් වේගපන්දු ක්‍රීඩක අල්සාරි ජෝශප් කැඳවා ඇත.
පසුගිය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙදී ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ අල්සාරි 2016 වසරේ සිට ‘ශාන්ත කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස්’ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙකි.
ඉසුරු උදාන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කරන අතර ඉදිරියේදී පැවැත්වෙන පාකිස්තානය සමඟ තරගාවලියටද ඔහු ජාතික පිල නියෝජනය කිරිමට නියමිතව ඇත.
මේ අතර ඔහු දකුණු අප්‍රිකානු ම්සංසි සුපර් ලීග් තරගාවලියටද (Mzansi Super League) ක්‍රීඩා කරන බව වාර්තා වේ.








