(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එස්.බී.දිසානායක සහ ඩිලාන් පෙරේරාට එරෙහිව විනය පරීක්‍ෂණ ගන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.
ඒ පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම හේතුවෙනි.
එසේම එම අවස්ථාවට එක්වූ නිදහස් පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසුවේය.
නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා සහ සන්ධාන මහ ලේකම්වරයා එක්ව පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණු බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය.






