(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කී‍්‍රඩාවේ මානසික ඇදවැටීම් පිළිබඳව විවෘත කතාබහක් ඇති කළ යුතු බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.
බොහෝ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ කී‍්‍රඩා දිවිය අඩපන වී ඇති බවද එවැනි විවෘත කතාබහක් නොකිරීම තුළින් එය තව දුරටත් වර්ධනය විය හැකි බව ඔහු අනාවරණය කර සිටියි.
ඔහු මෙලෙස පැවසුවේ, මානසික පීඩාව තුළින් සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා නොමිලයේ කි‍්‍රයාත්මක 1333 සේවාව ප්‍රචලිත කිරීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි.








