(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දෙන වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ.
මෙහිදී A කාණ්ඩයෙන් ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, පකිස්තානය සහ කුවේටය තරඟ වදින අතර B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය තරඟ වදී.
ඔවුන් සැප්තැම්බර් මස 03 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
කොළඹ සී සී සී ක්‍රීඩාංගනයේදී සැප්තැම්බර් මස 05 වනදා ඉන්දියාව සහ කුවේට් අතර , තරඟාවලියේ පළමු තරඟය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහ නේපාලයට එරෙහි තරඟය සැප්තැම්බර් මස 06 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
නිපුන් ධනංජය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට නායකත්වය ලබා දීමට නියමිතයි.








