(ෆාස්ට්නිව්ස් |හොංකොං) – ක්රිකට් ක්රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය තීරණය කරයි.
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවා ඇත්තේහොංකොං ජාතික ක්රිකට් ක්රීඩකයින් දෙදෙනෙකුටය.
මෙලෙස හොංකොං ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙලෙස ජීවිතාන්තය දක්වා ක්රිකට් තහනමකට ලක්ව ඇත්තේ ඉර්ෆාන් අහමඩ් සහ නදීම් අහමඩ් යන ක්රීඩකයින් දෙදෙනාටයි.
ඉර්ෆාන් අහමඩ් ක්රීඩකයා අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතේ වගන්ති 9ක් සහ නදීම් අහමඩ් එම පනතේ වගන්ති 3ක් කඩ කර ඇත.
ඊට අමතරව හොංකොං කණ්ඩායමේ හසීබ් අම්ජාඩ් නම් ක්රීඩකයාට වසර 5ක තහනමක් ද පැනවීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
වසර දෙකක කාලයක් තුළදී තරග පාවා දීම හෝ පාවා දීමට සැලසුම් කිරීම සහ පාවා දීමට ලද යෝජනා සම්බන්ධයෙන් අනාවරණය කිරීමට අසමත් වීම යන චෝදනා ඔවුන්ට ප්රධාන වශයෙන් එල්ල වී තිබෙන බව සඳහන්ය.
නදීම් අහමඩ් හොංකොං කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 25ක් සහ පන්දුවාර විස්සයි විස්ස තරග 24ක් ක්රීඩා කර තිබේ.








