FAST NEWS

24×7 Around the Globe

දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනයට වර්ෂාවෙන් බාධා

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනය අද (25) කොළඹ – පී. සරා  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.

නමුත් මේ වන විට අද උදෑසන සිට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම ප්‍රමාද වී ඇත.

වර්ෂාව නැවතුනහොත් පස්වරු 1.00 පමණ වන විට තරගය ආරම්භ කළ හැකි බවයි වාර්තා වන්නේ.

ඊයේ තුන් වන දිනයේ තරඟය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 196 ක් රැස් කරගැනීමට සමත් විය.