FAST NEWS

24×7 Around the Globe

දුමිත ගුණවර්ධනයන්ගේ ‘කථක් නර්තනය රඟදැක්වීම’ අදයි

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – අද (22 ) සවස 06.00ට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී ‘කථක් නර්තනය රඟදැක්වීම’ කථක් ප්‍රසංගය කලඑළි දැක්වීමට නියමිතයි.

උත්තර භාරතීය කථක් නර්තනයේ අති දක්ෂ නර්තන ශිල්පියෙකු වන දුමිත ගුණවර්ධනයන්ගේ නර්තයෙන් හැඩ ගැන්වෙන මෙම ප්‍රසංගය පාලින්ද උඩවෙලඅරච්ච්ගේ ගායනයෙන් ද ලක්ප්‍රිය අබේසිංහයගේ තබ්ලා වාදනයෙන්ද පමල්ක මන්ජිතගේ එස්රාජ් වාදනයෙන්ද වර්ණවත් වීමට නියමිතයි.

වෘත්තීමය වශයෙන් සිවිල් ඉංජිනේරුවරයෙක් වන ඔහු දක්ෂ සිතාර් වාදකයෙකුද වේ.

දුෂ්කර පළාත්වල ඇති පාසල් සඳහා පුස්තකාලයක් නිර්මාණය කිරීම මෙම ප්‍රසංගයේ මුලික අරමුණ බව ඔහු අප වෙත පවසා සිටියේය.