FAST NEWS

24×7 Around the Globe

32 වැනි ‘‘ජෝති ගැයූ ගී සිනමාවට’’…

 

(ෆාස්ට් නිවුස් | කොළඹ ) – ‘‘ජෝති ගැයූ ගී සිනමාවට’’ප්‍රසංගය මෙවරද අති උත්කර්ශවත් අන්දමින් ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවති.

ටෙලි සිනමා කලා සංසදයේ නිර්මාතෘ චිත්‍රපට අධ්‍යක්‍ෂක දිනේෂ් පි‍්‍රයසාද් සහ ජෝති හිතෛෂී නිශාන්තා කුමාර වසරක් පසා පවත්වනු ලබන මෙම ප්‍රසංගය සැප්තැම්බර් 24 වැනිදා මහරගම යොවුන් රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

නොමිලයේ පවත්වන මෙම මහා උපහාර – සංගීත – සම්මාන රාති‍්‍රය වෙනුවෙන් ජනපි‍්‍රය මෙන්ම විශිෂ්ට ගනයේ කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතයි.

ජෝති සැමරුම වෙනුවෙන් ජෝති ගීත 32 ක් ගායනා කිරීමට සැලසුම් කර ඇති අතර ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය, රොජර් සෙනෙවිරත්න, චන්න පෙරේරා වැනි ප්‍රවීණ රංගන ශිල්පින් මෙන්ම ශනුද්‍රී පි‍්‍රයසාද්, සජිත ඇන්තනී,ශේෂාද්‍රී පි‍්‍රයසාද් වැනි නව පරපුරේ රංගන ශිල්පින් ඇතුළු ශිල්පින් 32ක් එහි ගීත ගයනා කරනු ඇත.

එදත් සූරයා අදත් සූරයා, සිරීල් මල්ලී, සංගීතා, සදහටම ඔබ මගේ, හිතහොඳ මිනිහෙක්, ඔබටයි පි‍්‍රයේ ආදරේ, රත‍්‍රන් අම්මා, හොඳම වෙලාව වැනි ජෝති ගී ගැයූ චිත්‍රපට රැසක ගීත 32 ක් ප්‍රසංගය සඳහා තෝරාගෙන ඇති මෙම ප්‍රසංගය යූත් එක්ස්ට්‍රීම් සංගීත වෘන්දය මෙහෙයවීමෙන් විශාරද නුවන් සමරසිංහ එහි සංගීත අධ්‍යක්‍ෂණයෙන් වර්ණවත් වනු ඇත.

මෙවරද – ජෝති වෙනුවෙන් ලාංකේය කලා ක්‍ෂේත්‍රයේ කලාකරුවන් 07 දෙනෙකු ලෝකඩ සම්මානයෙන් සහ මුදල් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.