(ෆාස්ට් නිවුස් | කොළඹ) – පාකිස්ථාන ක්‍රිකට් ආයතනය වෙත, ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් නිර්නාමික ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පැය 24ක් ඇතුලත අදාළ ඊමේල් පණිවිඩය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කර තිබෙන අතර ස්වදේශ කටයුතු අමාත්‍යංශය ද දැනුවත් කර ඇත.
මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දීර්ඝ සංචාරයක නිරත වෙමින් සිටින ඉන්දීය කණ්ඩායම ලබන 22 වැනිදා කොදෙව් කණ්ඩායම සමඟ පලවෙනි ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිතයි.
අදාළ අනතුරු ඇඟවීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කර ඇති බව The Times Of Indian වෙබ් අඩවිය වාර්තා කරයි.
ඊමේල් පණිවිඩයේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ඝාතනය කරන බවට පවසමින් අනතුරු අඟවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.








