FAST NEWS

24×7 Around the Globe

විජේට බලපෑමක් වුනු මුත්තයියා ගේ ජිවිත කතාව

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – දකුණු ඉන්දියානු සුපිරි නළු විජේ සේතුපති විසින් මුරලිදරන්ගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙන “800” චිත්‍රපටයේ වැඩ කටයුතු නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතයි.

එම සිනමා පටයට රංගන දායකත්වය ලබා දෙන දකුණු ඉන්දීය නළු නිළියන්ට සිනමා පටයෙන් ඉවත්වන ලෙස දෙමළ හිතවාදී කණ්ඩායම් කිහිපයක් ඉල්ලීම් කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාවේ දමිල ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වූ විජේ සේතුපති මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ මුරලිදරන් වැනි විශිෂ්ඨතමයෙකුගේ ජීවිත කතාව අලලා සැකසෙන නිර්මාණයකට තමාට සම්බන්ධ වීමට ලැබීමද භාග්‍යයක් බවත් ඔහු මෙම සිනමාපටයෙන් කිසිසේත්ම ඉවත් නොවන බවත්ය.