(ෆාස්ට්නිව්ස්|කොළඹ) – ආගම් ඇදහීම හෝ කුලය ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවට වැදගත් නොවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
‘බෝර්න් අගේන්’ නම් ආගමික නිකායක බලපෑමක් මත දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදු කර ඇති බවට ඊයේ මාධ්‍යක පල කර තිබු අසත්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පවසා තිබේ.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් ක්‍රිකට් කණ්ඩායමේ ගැටලු ඇති නොකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍යයෙන් ඉල්ලීමක් කරයි.
දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කර පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වූ නිරෝෂන් දික්වැල්ල නැවතත් කණ්ඩායමට ගෙන්වා ඇත්තේ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සහ නායක දිමුත් කරුණාරත්න විසින් ලබා ගත් තීරණයක් බවට එම පුවතේ සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වටා පිළිකාවක් ලෙස වැඩී ඇති ‘බෝර්න් අගේන්’ නම් ආගමික නිකායක බලපෑමක් මත දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදුව තිබෙනා බවට චෝදනා එල්ල වී ඇති බව එම මාධ්‍ය පල කර තිබුණි.
මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නිළධාරියෙක්, පුහුණුකරුවෙක් හෝ තේරීම් කමිටු සාමාජිකයෙකු වීමට අනිවාර්ය සුදුසුකම වී ඇත්තේ මෙම ‘බෝර්න් අගේන්’ නිකායේ සාමාජිකයෙකු වීම බවද එහි දැක්වේ
මේ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා බෞද්ධයෙකු බවයි.\









