(ෆාස්ට්නිව්ස්| කොළඹ) – ඕස්ට්‍රේලියානු සමාගමක් මඟින් නිපදවන ලද විශේෂ මයික්‍රෝ චිප් එකක් සහිත ‘ස්මාර්ට් ක්‍රිකට් පන්දුවක්’ එළිදක්වා තිබේ.
පසුගියදා ලන්ඩන් නුවර ලෝඩ්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වයෙන් මෙම නව පන්දුව සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නව පන්දුව මීළඟ ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී පළමුවරට අත්හදා බැලීමට නියමිතය.
මෙම ස්මාර්ට් ක්‍රිකට් පන්දුව මඟින් එය යවන වේගය, පන්දු යවන්නා විසින් පන්දුව මුදාහල ස්ථානය , තණතිල්ල හැසිරෙන ආකාරය, පන්දුව තණතිල්ල මත පතිතවීමට පෙර වේගය, පන්දුව තණතිල්ල මත පතිතවීමෙන් පසු වේගය, පන්දුවේ දෝලනය සහ පන්දුවේ ගමන් මාර්ගය සම්බන්ධයෙන් ක්ෂණිකව නිවැරැදි වාර්තා ලබාගැනීමේ හැකියාව පවති.
ඒ අනුව මෙම පන්දුවෙන් නිවැරදි දත්ත ලබාගත හැකි බවද එහි නිෂ්පාදකයෝ පවසති.








