FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් ශේෂාර්ඩ්ට තරඟ තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාලක මණ්ඩලයේ නිල අවසරයකින් තොරව විදේශ සංචාරයකට එක්වීම නිසා ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ් හට තරඟ තහනමක් පැනවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ

විදෙස් පුවත් සේවා කියා සිටියේ එබැවින් ඔහුගේ ක්‍රිඩක කොන්ත්‍රාත්තුව දින නියමයකින් තොරව අත්හිටුවා ඇති බවත්ය.

ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසා සිටින්නේ පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාවේදී විනය නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවකට එරෙහිවද ඔහුව විනය කමිටුව හමුවේ කැඳවීමට නියමිත බවයි.