FAST NEWS

24×7 Around the Globe

“නාද යෝග” හෙට බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – කොළඹ ගායන වෘන්දය  එළි දක්වන “නාද යෝග” සංගීත සන්ධ්‍යාව හෙට(10) පස්වරු 6ට බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වේ.

රාගධාරී ගායනා මෙන්ම බටහිර සංගීතයේ උපයෝගීතා භාවිතයෙන් කළ නව නිර්මාණ රැසක් මෙහිදී එළි දැක්වීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

පෙරඅපරදිග සංගීත සංස්කෘතීන් යා කරමින් උතුරු ඉන්දියානු සංගීත සම්ප්‍රදායානුකූල නිර්මාණත් දකුණු ආසියාතික රටවල් වල ජන සංගීතය ආශ්‍රිත නිර්මාණත් කැටිකොට මෙම සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණෙන ලෙස සංගීතයට ලැදි කලාකාමී ඔබ සැමට කොළඹ ගායන වෘන්දය අරාධනා කරයි.

කොළඹ ගායන වෘන්දයේ නව නිර්මාණයකි මේ.