(ෆාස්ට් නිවුස් | කොළඹ) – 36 වැනි වරටත් පැවැත්වන ‘MTV’මියුසික් ඇන්ඩ් විඩියෝ සම්මාන උළෙල අගෝස්තු 26 වැනිදා ඇමෙරිකාවේ නිව්ජර්සි නගරයේ පැවැත්වීමට නියමිතව ඇත.
මෙවර සම්මාන උළලේදී සම්මාන 10ක් සඳහා ඇමෙරිකානු පොප් ගායිකාවන් දෙදෙනෙකු වන අරියානා ග්‍රැන්ඩේ සහ ටේලර් ස්විෆ්ට නිර්දේශ වී ඇත.
පසුගිය වසරේ පැවැති ‘MTV’ මියුසික් ඇන්ඩ් විඩියෝ සම්මාන උළෙලේදී ද ඔවුන් දෙදෙනා සම්මාන කිහිපයක්ම දිනාගන්නට සමත්ව තිබුණි.
පසුගිය වසර අවසානයේදී නිකුත් කළ‘තැන්ක් යූ, නෙක්ස්ට්’ගීතය සඳහා අරියානා වැඩි සම්මාන ප්‍රමාණයක් නිර්දේශ වී ඇති අතර ටේලර් ස්විෆ්ට වැඩි සම්මාන ප්‍රමාණයක් සඳහා නිර්දේශ වී ඇත්තේ ඇය මේ වසර මුලදී නිකුත් කළ ‘යූ නිඩ් ටු ක්ලැම් ඩවුන්’ගීතය තුළිනි.









