FAST NEWS

24×7 Around the Globe

තුන් දින පුහුණු තරඟාවලියේ දෙවන දිනය අදයි

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – කටුනායක නිදහස් වෙළද කලාප කී‍්‍රඩාංගණයේදී සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවන දිනය අදයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිලට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් ධනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික‍්‍රම පළමු කඩුල්ලට ලකුණු 154 ක සබදතාවක් ගොඩ නැගුවෝය .

නායක අශාන් පි‍්‍රයන්ජන් නොදැවී ලකුණු 56 රැස් කල අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 98 ක් සහ සදීර සමරවික‍්‍රම ලකුණු 80 ක් රැස් කරනු ලැබීය.

ඊයේ දිනය නිමා වනවිට කඩුළු 6 ක් දැවී ලකුණු 323 ක් රැස් කිරීමට පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල සමත් විය .