FAST NEWS

24×7 Around the Globe

රෝස් ටේලර්ගෙන් ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ගැන අපූරු එළිදරව්වක්

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – සංචාරක නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක සහ ජ්‍යෙෂ්ඨතම පිතිකරු රෝස් ටේලර් පවසන්නේ සත්කාරක ශ‍්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ක‍්‍රීඩා කිරීම පහසු කර්තව්‍යයක් නොවන බවයි.

“ශ‍්‍රී ලංකාවට ගිහින් ටෙස්ට් ක‍්‍රීඩා කරනවා කියන එක තරමක් අසීරු අභියෝගයක්. එහෙත් අපි අතීතයේදී ශ‍්‍රී ලංකාවට ගොස් හොඳින් ක‍්‍රීඩා කරපු අවස්ථා තියෙනවා. අපිට දඟ පන්දු යවන්නන් සිව්දෙනකුම ඉන්නවා. අපි 2012 දී ශ‍්‍රී ලංකාවේදී ජයග‍්‍රහණය කළා,” යැයි ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඇති දඟ කැවෙන තණතීරු සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම මවුබිමේදී දක්වන දක්ෂතා සම්බන්ධයෙන් නවසීලන්තය අභියෝගාත්මකව සිතමින් සිටින බවයි ටේලර් පවසන්නේ.

නවසීලන්තය අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලි 5 ක් ජය ගෙන මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන අතර ශ‍්‍රී ලංකාව අවසන් වරට දකුණු අප‍්‍රිකාවේදී ටෙස්ට් තරගාවලිය 2-0 ජය ගෙන ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ පසුවේ.