(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට මාලවට සමුදුන් රොබට් ඩවුනි පසුගියදා එක්වූ මාධ්‍යය සාකච්ඡාවක දී අවසන් වරට තිරගත වූ ‘ඇවෙන්ජර්ස් ඊන්ඩ් ගේම්’ චිත්‍රපටය ගැන තමන්ගේ අදහස ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ ඇවෙන්ජර්ස්’ චිත්‍රපටයේ බොහෝ කොටස් කපා දමා ඇති බවත් ඒවා ඉතා ශෝකජනක සිදුවිම් බවත්ය.
එසේම ,
චිත්‍රපටය තුළ ඔහු මිය යන අවස්ථාවේ ඇවෙන්ජර්ස් වීරයෝ ටික තමන්ට ගෞරව දක්වන අවස්ථාව, අවසන් චිත්‍රපටයට අන්තර්ගත කර නොමැති බවත් ඊට හේතුව තමා නොදන්නා බවත් ඔහු සදහන් කර තිබේ.
නමුත් , එම සිදුවීම චිත්‍රපටය තුළට ඇතුළත් නොකිරීම සාධාරණ බවත් , අදාළ දර්ශන පෙළ චිත්‍රපටයට ඇතුළත් කළා නම් ප්‍රේක්ෂකයන්ට එය දරා ගැනීමට නොහැකි තතත්වයත් උදාවන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.









