FAST NEWS

24×7 Around the Globe

පළමු තරගයෙන්ම කොදෙව්වන් පරදා ඉන්දියාවට 20 – 20 ජයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලෝඩර්හිල් හිදී ඊයේ (03) පැවති පළමු 20 -20 ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව කඩුලු 04 ක ජයක් අත්කර ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස කොදෙව් පිලට ඇරයුම් කළේය.

එම තරගයේදී කොදෙව් කණ්ඩායමට කඩුලු 09 ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 95ක් පමණයි.

පිළිතුරු වශයෙන් ඉන්දිය පිල පන්දු වාර 17 යි පන්දු දෙකකදී කඩුලූ 6 ක් දැවී ලකුණු 98 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්හ.