FAST NEWS

24×7 Around the Globe

ආර්යන් ඛාන් සිනමාවට පිවිසෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩයේ තරුව වන ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට සූදානම් බව වාර්තා වෙයි.

ප්‍රවීන සිනමාකරු ගුණ‍සේකර්ගේ හිරන්යාකෂිපූ (Hiranyakashipu) නැමැති දෙමළ සිනමා පටය තුළින් ඔහු සිනමාවට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින අතර , ඉදිරි මාස දෙක ඇතුළත එහි රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතව ඇත.

ආර්යන් වඩාත් කැමැත්තක් දක්වන්නේ නළුවකු වීමට නොව තිර රචකයකු සහ අධ්‍යක්‍ෂවරයකු වීමට බවත් වාර්තා වෙයි.

ඔහු පසුගිය කාලයේ ඇමෙරිකාවේ සිනමා පාසලක සිනමාව ගැන හදාරමින් සිටියේය. සුහානා එනම් ශාරුක්ගේ දියණිය වරක් ෂාරුක් රඟපෑ චිත්‍රපටයක (Zero) සහාය අධ්‍යක්‍ෂවරියක ලෙස කටයුතු කළාය.