FAST NEWS

24×7 Around the Globe

හොලිවූඩ් රංගන ශිල්පී ජෙරම් රේනර් ගීතයක් එළිදක්වයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හොලිවූඩ් රංගන ශිල්පියෙක් වන ජෙරම් රේනර් පසුගියදා  ‘Main attraction’ නම් වූ සිය අලුත්ම ගීතය එළිදැක්වුවේය.

මෙම ගීතය ඔහු විසින් එළිදක්වා ඇත්තේ එයට ගීත රූප රචනාවක්ද ඇතුළත් කරමින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපට අවසන් වූවද ජෙරම් ඉදිරියේදීද ‘මාවල්’ චිත්‍රපට සමාගම නිර්මාණය කරන චිත්‍රපට කිහිපයකටම එක්වීමට ආරාධනා ලැබි ඇත.

එමෙන්ම ලබන වසරේ තිරගත වන ‘බ්ලැක් වින්ඩෝ’ චිත්‍රපටයේද ජෙරම් රංගනයෙන් දායක වෙයි.