(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩයේ සුපිරි නළු රිතික් රෝෂන් සිය රසික පිරිස් මුණ ගැසෙන ‘සුපර් 30’ චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය.
2017 වසරේ තිරගත වූ ‘කාබිල්’ චිත්‍රපටයෙන් පසුව ඔහු මෙම චිත්‍රපටය සදහා පෙනී සිටි අතර , සුපර් 30 තිරගත වූ පළමු දිනයේදී ඉන්දිය රුපියල් කෝටි 11 ක ආදායමක් උපයාගන්නට එය සමත් විය.
ඉන්දියාවෙන් බිහිවු ප්‍රකට ගණිතඥයෙකු වන ආනන්ද කුමාර්ගේ ජීවිත කතාව අලලා මෙම සිනමා පටය නිර්මාණය වී ඇත.
සිනමා විචාරකයන් පවසන්නේ රිතික් රෝෂන් දෙවරසකට පසුව සිය රසික පිරිස් මුණ ගැසෙන නිසාවෙන් මෙය සාර්ථක චිත්‍රපටයක් වනු ඇති බවයි.









