FAST NEWS

24×7 Around the Globe

වසර 16 කට පසු ලෝක දැල්පන්දු කිරුළ නවසීලන්තයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වසර 16 කට පසු ලෝක කුසලාන දැල් පන්දු ශූරතාවය හිමිකර ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් ඊයේ (21) සමත් විය.

එංගලන්තයේ ලිවර්පූල් හි පැවති අවසන් මහා තරගයේදී ඔවුන් ඕස්ට්‍රේලියාව පරාජයට පත් කරනු ලැබුවේ ලකුණු 52 කට 51 ක් ලෙසයි.

2003 වසරේදි නවසීලන්තය අවසන් වරට ලෝක කුසලාන දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කරනු ලැබීය.