(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ලවන බවට චෝදනා කරමින් සිම්බාබ්වේ රාජ්‍යයට ක්‍රිකට් ක්‍රීඩා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහනම් කර තිබේ.
ලන්ඩන් නුවර ඊයේ (19) පැවති අයි.සී.සී විධායක කමිටු රැස්විමකදීයි මෙම තීරණය ගෙන ඇති බව අයි.සී.සී ය නිවේදනය කර තිබේ.
පවතින තත්වය වෙනස් කර ගැනීම සඳහා සිම්බාබ්වේ රාජ්‍යයට මාස 03 ක කාලයක් ලබාදී ඇති අතර එය ඔක්තෝබර් මාසයේදී නැවත සමාලෝචනය කිරීමටද නියමිත බවද එම නිවේදනයේ සඳහන් වෙයි.








