FAST NEWS

24×7 Around the Globe

“Game of thrones” ඇගයීම් අතරින් පෙරමුණටම

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – “Game of thrones” ටෙලිමාලාව 71 වැනි එමී සම්මාන උළෙලේ වැඩිම නිර්දේශ ප්‍රමාණයක් තමන් සතු කරගැනීමට සමත් වී තිබේ.

ඒ සම්මාන සඳහා වූ නිර්දේශ (16) ප්‍රකාශයට පත්කිරීමත් සමඟින්.

ඇමරිකා එක්සත් ජනපදයේ විශිෂ්ටතම ටෙලි නිර්මාණ, වැඩසටහන් සහ නිර්මාණ ශිල්පීන් ඇගයීම උදෙසා එරට රූපවාහිනී කලා හා විද්‍යා ඇකඩමිය (ATAS) විසින් එමී සම්මාන උළෙල වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබයි.

“Game of thrones” වාර්තා තබා මේ වසර සඳහා සමස්ත නිර්දේශ 32 ක් සමඟින් එමී සම්මාන ඉතිහාසයේ වාර්තාවක් “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” බිඳ දමා තිබේ.

ඒ , එමී සම්මාන උළෙලක වසරක් තුළදී වැඩිම නිර්දේශ ප්‍රමාණයක් ලත් ටෙලිය බවට පත්වෙමින්.

එසේම සම්මාන උළෙලේ වැඩිම නිර්දේශ හිමිකරගත් රූපවාහිනී ජාලය බවට පත්වූයේ HBO සේවයයි.