FAST NEWS

24×7 Around the Globe

 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (14) ලන්ඩන් හී ලෝඩ්ස් ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.

සති හයක් පුරා තරඟ 47 කින් තරඟ මාලාවකින් පසු මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන්නේ සත්කාරක එංගලන්තය සමගින් නවසිලන්තයයි.

එංගලන්තය අවසන් වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 28 කට පෙර එනම් 1992 වසරේදියි.

අද පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන අවසන් මහා තරගයේදී පිටියේ ප්‍රධාන විනිසුරුවෙකු ලෙස කුමාර් ධර්මසේන කටයුතු කරන අතර, තරගයේ ප්‍රධාන තීරකයා වන්නේ අයි.සී.සී. ප්‍රධාන තීරක ශ්‍රී ලංකාවේ රන්ජන් මඩුගල්ලයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට තරගය ආරම්භ වීමට නියමිතයි.