FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තය පරදා එංගලන්තය අවසන් පුර්ව වටයට යයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 41 වැති තරඟය ලෙස නවසීලන්තය සමග ඊයේ (03) පැවති තරඟයෙන් ලකුණු 119 ක් ජයග්‍රහණයක් වාර්තා කරමීන්, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණූ 305 ක් රැස් කළේය.

පිළිතුරු වශයෙන් ලකුණූ 306 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 45 කදී සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ඇති අතර නවසීලන්තය සහ පාකිස්ථානය තවදුරටත් එම ලැයිස්තුවේ කණ්ඩායමක් බවට පත්විමට අපේක්ෂාවෙන් පසුවෙයි.

ප්‍රසාද ලකුණු 11ක් ලබා සිටින නවසීලන්ත කණ්ඩායම ධන ලකුණු ලබාගැනිමේ සාමාන්‍යයක් රදවාගෙන සිටින අතර බංග්ලාදේශයට එරෙහිව පාකිස්ථානය අද පැවැත්වෙන තරඟයෙන් ජය ලැබුවහොත් ඔවුන්ට ද ප්‍රසාද ලකුණු 11ක් හිමි වෙයි.

එහෙත් ලකුණු ලබා ගැනිමේ සාමාන්‍ය මත නවසීලන්තයට අවසන් පූර්ව වටය සදහා පිවසීමේ වැඩි ඉඩකඩ පවතියි.

ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟය ද අද පැවැත්විමට නියමිතයි.